අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට...

Report

වාරිමාර්ග (ජල විද්‍යා) අධ්‍යක්ෂ ඉංජි. එස්.පී.සී. සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ඉහළ වර්ෂාපතනයත් සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව, ජලාශවල ජල මට්ටම 80% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළට... | Water Levels In Major Reservoirs Rise With Rains

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය සහ අංගමුව ජලාශය ද හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ජලාශ කිහිපයක් ද වාන් දැමීමට පටන්ගෙන ඇති බවද සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

තුවක්කු ආඥා පනත සංශෝධනය කරයි...

තුවක්කු ආඥා පනත සංශෝධනය කරයි...

එමෙන්ම, මිලිමීටර් 150ක පමණ අධික වර්ෂාපතනයක් හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් මහනුවර, නුවරඑළිය සහ සබරගමුව දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවගෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

එබැවින්, හදිසි ගංවතුර තත්ත්වයක දී ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.