හදිසියේම ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් මෙතනින්..

Sri Lanka Water Cut
By krishani Jun 22, 2022 03:17 AM GMT
krishani

krishani

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාලමේ එළාඇති ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

එම ප්‍රදේශ වන්නේ ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ ජා ඇළ මාර්ගයේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා වූ කොටසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha