පැය 10ක ජල කප්පාදුව - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.
Colombo
Water Cut
Water Board
Water
By krishani
අද (25) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අද පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ ය.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලබයි.
එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
