ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

By Sithumi Dec 17, 2021 10:44 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) රාත්‍රී 11 සිට පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 

මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය නිවේදනය කළේය. 

ඒ අනුව හෙට රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා කොළඹ 09, 10, 11, 12, 13, සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now