ප්‍රදේශ රැසකට පැය 10ක හදිසි ජල කප්පාදුවක්...එම ප්‍රදේශ සියල්ල මෙතනින් දැනගන්න.

Colombo Sri Lanka Water Cut Water
By Aruna May 08, 2023 02:15 AM GMT
Aruna

Aruna

Report

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටවන බැවින් 2023 මැයි මස 08 වන සඳුදා පෙ.ව.10.00 සිට එදින රාත්‍රි 08.00 දක්වා පැය 10 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල ජල සැපයුම මැයි 8වන දින අත්හිටවන බවයි පැවසෙන්නේ.

මෙම ජල සැපයුම අත්හිටු වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now