අද ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්.. එම ප්‍රදේශ සියල්ල කලින්ම මෙතනින් දැනගන්න..
Colombo
Sri Lanka
Water Cut
Water Board
By Aruna
අද (09) දිනයේ දී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම කප්පාදුවක් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය සැපයෙන්නේ ද අඩු පීඩන තත්ත්වයක් යටතේ බවයි.
ජල සම්ප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ, මේ හේතුවෙන් අද(09) දින දහවල් 12.00 තෙක් උස් ස්ථානවලට සැපයෙන ජලය අඩු වීමක් ද, කප්පාදු වීමක් ද ඇතිවිය හැකි බවයි.
මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ද ජල සම්පාදන මණ්ඩලය විසින් කනගාටුව පළ කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |