හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Sri Lanka Water Cut
By Sithumi May 07, 2023 10:28 AM GMT
Sithumi

Sithumi

Report

හෙට (08) පෙරවරු 10 සිට රාත්‍රි 8 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එමෙන්ම ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා යනප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලුම අතුරු මාර්ගවලට ජල කප්පාදුව සිදු කෙරෙන බවයි .


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now