කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න.
Colombo
Water cut
Kolonnawa
Galkissa
By Aruna
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන
මණ්ඩලය පවසනවා.
ඊයේ (26) රාත්‍රී 9:00 සිට එම ප්‍රදේශ සඳහා හදිසියේ ජල සැපයුම අත්හිටුවා තිබෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල සහ ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලි සැපයුමේ සිදුවූ දෝෂයක් ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |