ප්‍රදේශ රැසකට ජලය කැපේ..එම ප්‍රදේ්‍ශ සියල්ල මෙන්න..

Colombo Water cut
By Aruna Aug 13, 2021 06:33 AM GMT
Aruna

Aruna

Report

හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට එළි-හවුස් ජලාශය වෙත සපයනු ලබන ජලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha