විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි - විදුලි බිල අඩු වෙනවාද?

Report

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

රටේ විදුලි අර්බුද ස්වාභාවිකව ඇති වූ ඒවා නොවන බවත්, අතීතයේදී හදිසි මිලදී ගැනීම් වැනි දේ සඳහා කෘත්‍රිමව අර්බුද නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

වගකිවයුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුත්තේ කලාපයේ අඩුම විදුලි මිල සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන අතර මෙම පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සඳහා මග විවර කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් දැක්වීය.

මින් පෙර ද විදුලි බල ක්ෂේත්‍රය වෙළඳපොළ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා ඇති වුවද, එවකට පාලකයින්ගේ අරමුණ වූයේ විදුලි ගාස්තු ඉහළ නංවා මහජනයාට බර පැටවීම බවත් කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම අතිශයින් වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.