ජල සම්පාදනයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්...

Colombo Gampaha Water Cut Water Board Water
By Aruna Aug 16, 2023 03:26 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට කිසිඳු බාධාවකින් තොරව පානීය ජලය සැපයීමට හැකියාව පවතින බවයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා සඳහන් කලේ, කැළණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් පැවති ගැටළු නිරාකරණය කිරීම සඳහා අඹතලේ ප්‍රදේශයෙන් වැලි බැම්මක් ඉදිකර ඇති බවය.

''මේ දිනවල පානිය ජලය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

ඒ වුණත් අපි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ගැන කතා කළොත් ඒවට අපට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ලබාගන්න ගැටලු මතුවුණත් අපි ඒවා නිරාකරණය කරගන්න කැලණි ගඟ හරහා අඹතලේ ප්‍රදේශයෙන් අපි වැලි බැම්මක් යොදලා තියෙනවා.

ඒ බැම්ම මඟින් අපිට එන ප්‍රධාන ප්‍රශ්න දෙක වන ගඟේ ජල මට්ටම පහළ යෑම සහ ලවණ මිශ්‍ර වූ මුහුදු ජලය පානීය ජලයට එකතු වෙන එකත් අපි පාලනය කරලා තියෙනවා.

ඒ තත්ත්වය යටතේ අපිට අඛණ්ඩව කොළඹ, ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ ගැටලුවක් නෑ..

ඒ වුණත් මේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ පාරිභෝගිකයෝ ඉතා විශාල වශයෙන් ජලය පරිභෝජනය කරන නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියේ දී එන්න පුළුවන්.

ඒ නිසා ඉල්ලීමක් කරනවා පාරිභෝගිකයින්ගෙන්, අපි පිරිපහදු කරලා දෙන ජලය අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් භාවිත කරන්න කියලා.

ජල මුලාශ්‍ර ආරක්ෂා කරගන්න ගංගා අපවිත්‍ර කිරීම හැකිතරම් දුරට අවම කරලා අපිට සහයෝගය දෙන්න."

ReeCha