ජල බිලත් ඉහළට..? ඇමති වාසුගෙන් ප්‍රකාශයක්.

By Sewvandhi Dec 23, 2021 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල වැඩි කළහොත් ජල ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මේ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කළ බවයි ඇමතිවරයා පැවසුවේ. ඉන්ධන මිල වැඩි කිරීම ජල සම්පාදන පද්ධතියට ප්‍රශ්නයක් නොවන නමුත් විදුලි බිල වැඩි කළහොත් එය ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු සඳහන් කළා.

විදුලි බිල වැඩි කළහොත් වියදම් සමතුලිත කර ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන පාරිභෝගිකයන් හැර අනෙක් පාරිභෝගිකයින් සඳහා ජල ගාස්තු ඉහළ නැංවීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන නමුත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now