මට තාම විවාහ වෙන්න බලන් ආදරේ කරන්න හිතුනේ නැහැ, මට ලව් හැමෝටම මමත් ලව්-හිරුෂි වසුන්දරා (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ළමා වැඩසටහන් නිවේදිකාවක විදියට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අද වන විට පුංචි තිරයේ ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියලා කියන්නේ.
ඉතින් ඇය කලාවට පය තබන්නේ වයස අවුරුදු 14දී වගේ. ඒ පුංචි පැංචි වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදියට. ඉතින් ඊට පස්සේ 2018 වසරේ අවුරුදු කුමරිය වෙන්නත් ඇයට වාසනාව හිමි වෙනවා. ඒ වගේම ඇය දැන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරනවා. එහි අවසාන අවුරුද්දේ ඇය ඉන්නේ.
ඒත් එක්කම රංගනය කියන්නේ ඇයගේ ජීවිතේ ආසාවට කරන දෙයක් සහ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක් කියලයි ඇය කියන්නේ. ඒ නිසා වෘත්තියක් විදියට ඇය කවදාවත් කලාව තෝරා ගත්තේ නැහැ කියලත් ඇය කියනවා.
ඒ වගේම ද්‍රවිඩ කලාකරුවන්ගේ එකමුතුවෙන් සංවිධාන කරන කුවියම් සම්මාන උලෙළේ දී 2022 වසරේ ගීත රූප රචනා කියන කාණ්ඩයේ හොඳම නිළිය සම්මානය ලබාගැනීමටත් පහුගිය දවසක ඇයට වාසනාව හිමි වුණා.
ඉතින් ඇය රංගන ශිල්පිනියක් කියලා හිතන්නේ ජීවිතේ වැඩි කාලයක් රංගනය වෙනුවෙන් කැපකරන සහ චරිතාංග නිළියක් විදියට කටයුතු කරන කෙනෙක් නිසාලු. ඒ වගේම ඇය ආස ඇය කැමති චරිත වලට පමණක් දායකවීමට කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයව කවුරුහරි රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවා නම් ඒ ගැන ඇයට සතුටුයි සහ ස්තුතිවන්ත වෙනවා කියලත් ඇය කියනවා.
ඒ වගේම විවාහයකින් කෙලවර වෙන විදියේ ආදරයක් ගැන තාම අදහසක් හිතුණේ නැහැ කියලයි හිරුෂි නම් කියන්නේ. හැබැයි ඒ වුණාට ඇයට ආදරේ කරන හැමෝටම ඇය ආදරෙයි කියලත් හිරුෂි කියනවා. ඉතින් ඇයගේ හැමෝටම ඇය ආදරේ පැත්තෙන් නම් හොඳ ආදරවන්තියක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම කවදා හරි ඇය විවාහ වෙන කෙනා ඕනෙම ක්ෂේත්‍රයක කෙනෙක් වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා.
ඉතින් ඒ කෙනා ඇයගේ හිතට දැනෙනවා ද කියන එක තමයිලු පළවෙනි දේ. එහෙම හිතට දැනෙන කෙනෙක් නම් ක්ෂේත්‍රය මොකක් ද තත්ත්වය තරාතිරම මොකක් ද කියන කාරණා බලන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









