වසීම් තාජුඩීන් මරණයේ ගෑවෙන ශිරන්ති

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ ‘සිරිලිය සවිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුම සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ(27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතු මත එදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණීමට නොහැකි බවත්, ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ඇයගේ නීතිඥයා මාර්ගයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

‘සිරිලිය සවිය’ ගිණුම රාජ්‍ය බැංකුවේ සුදුවැල්ල ශාඛාවේදී ආරම්භ කර ඇති අතර, එහි බද්ධ ගිණුම්කරුවන් තිදෙනෙකු අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියද සිටියාය. ගිණුම ආරම්භ කිරීමේදී ලිපිනය ලෙස ලබාදී ඇත්තේ “කාල්ටන් තංගල්ල” ලෙසයි.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ චෝදනාවක්ද එල්ල වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ විමර්ශනයන්හිදී ‘සිරිලිය සවිය’ පදනමට බරපතළ චෝදනා එල්ල වී තිබේ. 2018 සැප්තැම්බර් 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ, තාජුඩීන් පැහැරගෙන යාමට WP KA 0642 අංකය දරණ ඩිෆෙන්ඩර් රථය ‘සිරිලිය සවිය’ පදනමට අයත් බවයි.

කෙසේ වෙතත්, 2019දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම විමර්ශන සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් මාරු කිරීමට කටයුතු ගෙන ඇත. 2019 අගෝස්තු 18 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන් පසු එම පරීක්ෂණ නතර කර තිබුණි.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන යළි ආරම්භ කර ඇති අතර, එහිදී ‘සිරිලිය සවිය’ ගිණුම හා එහි මූල්‍ය ගනුදෙනුද යළිත් විමසමින් පවතී.

මූල්‍ය අපරාධ කොට්ඨාශය ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ලබාගත යුතු ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඊළඟ පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

අද උදේ 09.30ට නාමල්ට CID එන්න කියලා පොලීසියෙන් දැන්වූවේ උදේ 09.50ට ඇවිත් - ඒකත් නාමල් ඉන්දියාවේ ඉද්දී - සාගර

අද උදේ 09.30ට නාමල්ට CID එන්න කියලා පොලීසියෙන් දැන්වූවේ උදේ 09.50ට ඇවිත් - ඒකත් නාමල් ඉන්දියාවේ ඉද්දී - සාගර