අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බල්ලාගේ ගෙලේ රන් පවුම් 90ක මාලයක් ඇති බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි.

“අපේ රටේ සමහරු හොරකම් කරලා, තමන්ට මරණයක් නැති බව හිතාගෙන ජීවත් වෙනවා. ඒ තරමට හොරකම් කරලා තියෙනවා. මෙතන ඉන්න අයියලා, අක්කලා වැඩිපුර රන් මාල බැඳින්නේ නැහැ නේද? ගෙවල්වල නෝනලාගේ ගෙලේ මාල තියෙනවාද?

පොසොන් වන්දනාවේ එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

පොසොන් වන්දනාවේ එන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

ඔක්කොම බඩු බැංකුවල තමයි, ගාණට ආරක්ෂිතව තියෙන්නේ. ඒත්, මහින්ද රාජපක්ෂගේ බාල පුතාගේ බල්ලාගේ ගෙලේ පවුම් 90ක රන් මාලයක් තියෙනවා. බල්ලාට නම් කමක් නැහැ... පවුම් 90යි! ඒ කාගේ සල්ලිද? හොරකම් කරපු සල්ලි. අර මැයි 9 වැනිදා ගෙවල් ගිනි තිබ්බ දවසේ, සිංහරාජයේ හෝටලයකටත් ගිනි තිබ්බා. විශේෂම දේ තමයි, හෝටලයේ හිමිකරු හොයාගන්න බැරි වුණා.

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

ගිනි තිබිලා මාස ගණනක් ගියත් හිමිකරු හොයාගන්න බැරිලු. බැලුවම ඒ හෝටලයේ හිමිකරු රෝහිත රාජපක්ෂ. පාර්ලිමේන්තුවේ වන්දි පනත සම්මත කරලා, ඒ යටතේ ඔහුට කෝටි 100ක වන්දි ලැබිලා තියෙනවා. ඒ සල්ලිවලින් තමයි මේ හෝටලය හදලා තියෙන්නේ. රෝහිත රාජපක්ෂ, ‘රොකට්’ යවපු මිනිහා. චීනයේ රොකට් ව්‍යාපෘතියට ඩොලර් මිලියන 332ක් වියදම් කළා කියලා ප්‍රකාශ කළා.

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

දැන් චීනයත් හොයනවා ඒ රොකට් එක ගිය තැන. ඒ සල්ලි රටේ සල්ලි. අපි ඒ ණය ගෙවනවා. ඒ සල්ලිවලින් ඔහු සිංහරාජයේ කෝටි 100ක හෝටලයක් හැදුවා. බැඳපු පස්සේ කෝට්ටේ දූව පාරේ ගෙයක් ගත්තා, කෝටි 36යි. එහා පැත්තේ ඉඩමක් ගත්තා කෝටි 9යි, තව ඉඩම් තුනක් කෝටි 45කට.”