පිපිරිමට හේතුව පුහුණු අභ්‍යාසයක් ?

Pakistan Fire Sinhala news
By Hashan May 08, 2025 10:32 AM GMT
Hashan

Hashan

Report

පකිස්ථානයේ  ලාහෝර් නගරයේ පිපිරීම් 3 ක් සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ අදාළ පිපිරීම් තත්වය හේතු කොට ගෙන ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළ  අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නව පාප් වහන්සේ තේරීම වෙනුවෙන් වතිකානුවේ සියලු දුරකථන සබඳතා අත්හිටුවයි

නව පාප් වහන්සේ තේරීම වෙනුවෙන් වතිකානුවේ සියලු දුරකථන සබඳතා අත්හිටුවයි

අදාළ පිපිරීම් සිදු වූ ප්‍රදේශය දුමින් පිරි ගොස් ඇති අතර එම ප්‍රදේශවල ජනතාව නිවෙස් වලින් පලා යන බවයි වාර්තා වී ඇත්තේ.   

පිපිරීම් සිදුව ඇත්තේ පකිස්ථානයේ නාවික හමුදා යුධ විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර්හි ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසල පිහිටි ඉහළ පෙළේ ප්‍රදේශයකයි.

පිපිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් ලැබී නොමැති අතර, පකිස්ථාන ගුවන් හමුදාවේ (PAF) පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම පිපිරිම සිදු වී ඇති බව මුලික වාර්තා අනුව හෙළී වී තිබෙනවා.

මියෙන්මාර් රදවා සිටි තරුණයන් පිරිස යළි ලංකාවට

මියෙන්මාර් රදවා සිටි තරුණයන් පිරිස යළි ලංකාවට

ReeCha