ජනප්‍රිය දේශක මහාචාර්ය පැට්‍රික් රත්නායකට නඩු පිට නඩු.

University of Kelaniya Sri Lanka
By Wayomi Apr 05, 2023 11:43 PM GMT
Wayomi

Wayomi

Report

කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨයේ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පැට්‍රික් රත්නායක වෙත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන්

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2092/18B යටතේ පවරා ඇති නඩුව පසුගිය මාර්තු 28 විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු වසන්ත රාමනායක අධිකරණය මගහැර යාම සම්බන්ධව අදාළ මහාචාර්ය පැට්‍රික් රත්නායකට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අදාළ චෝදනාවට පාත්‍ර වී සිටින මහාචාර්යවරයා එම අධ්‍යයන අංශයේම ශිෂ්‍යයකුට පහර දී තුවාල සිදු කොට ඔහුගේ ජංගම දුරකථනය පැහැරගැනීම සම්බන්ධයෙන් ද මහර මහේස්ත්‍රාත් අධිකරණයේම තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවද ආරංචි මාර්ග පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW