පහත්බිම් ජනතාවට අනතුරු ඇඟවීම්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
වාරියපොළ , නිකවැරටිය, මහව , කොබෙයිගනේ, බිංගිරිය , පල්ලම, හලාවත , ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ජනතාවට ඒ පිලිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.