ශ්‍රී ලංකාවේ ඇති වන ස්වභාවික ව්‍යසනයක් ගැන අනතුරු ඇඟවීමක්..සුනාමි තත්ත්වයක්??..

Sri Lanka Weather warning-of-a-natural-disaster Anura walpola
By Aruna Sep 09, 2021 03:27 AM GMT
Aruna

Aruna

Report

රිච්ටර් පරිමාණ 3ට වඩා භූ චලන ඉදිරියේදී ද නිරන්තර වෙන්න පුළුවන් ඉන්දු-ඔස්ට්‍රේලියා භූ තැටියේ විචලනය මත ශ්‍රී ලංකාවේ ඉදිරියේදී නිරන්තරයෙන් සුළු භූ චලන ඇතිවන බවට භූ විද්‍යා විශේෂඥයන් කරුණු දක්වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කීවේය.

ලංකාවේ මෙතෙක් කලක් වූ භූ කම්පන සියල්ල සිදුවී ඇත්තේ ගිනිකොණ ප්‍රදේශය ආශ්‍රිතවය. බදුල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගත්තත් එම දිස්ත්‍රික්කවල භූ කම්පන සිදුවී ඇත්තේද ගිනිකොණ දෙසට වන්නට බව පතල් කාර්යාංශයේ සභාපතිවරයා කියයි.

රිච්ටර් පරිමාණ 3ට වඩා භූ චලන ඉදිරියේදී ද නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාව පවතින බවත්, වසරකට ලෝකය පුරා සුළු භූ චලන දස ලක්ෂයකට වඩා සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මහා පරිමාණ භූ චලනයක් සිදු නොවේ යැයි අනුමාන කළත් මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ ප්‍රාන්තයක විශාල භූ චලනයක් සිදුවී තිබීම නිසා මෙම සුළු භූ චලන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද සභාපතිවරයා කියා සිටී. භූ චලන මාන පද්ධති කිහිපයක් මෙරට දකුණු කලාපය ආශ්‍රිතව සවි කිරීමටද කටයුතු කරන බව සභාපතිවරයා කීය.

ලුණුගම්වෙහෙර ජලාශයේ වේල්ල අසල පෙරේදා (07 වැනිදා) පෙරවරු 10.38ට පමණ රිච්ටර් පරිමාණ 2.4ක් විශාලැති සුළු භූ චලනයන් සිදුවූ අතර, ඉකුත් අගෝස්තු මස 24 වැනිදා රාත්‍රි 9.29ටද භූ චලනයක් වාර්තා වූයේ යාල කලාප අංක 01 ආශ්‍රිතවය.

එහි විශාලත්වය රිච්ටර් පරිමාණ 2.5කි.

කෙසේ වෙතත් මෙවන් භූචලන තුළින් සුනාමි තත්ත්වයන්ද ඇතිවීමේ අවධානමක් පවතින බවද සදහන් කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha