එන්නතක් සම්බන්ධයෙන් ගැටලුවක්.. භයානක හෙළිදරව්වක්
සංචරණය මුළුමනින් ම නවතා සීමා පැනවීමක් කළහොත් මරණ සංඛ්‍යාව අවම කර ගත හැකි බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඇඳිරි නීතිය දීර්ඝ කරන කාල සීමාව මත ආසාදිතයින් සංඛ්‍යාත්මකව අවම වන බව තීරණය කර ගත හැකි බවය.
රටේ ආර්ථිකය පවා අඩපණ වී ඇති මෙවන් පසුබිමක පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වී වගකීමකින් කටයුතු කිරීමෙන් රෝගය පාලනය කළ හැකි අතර ඉහළ යන මරණ සංඛ්‍යාව ද අවම කර ගත හැකි බව උපුල් රෝහණ මහතා මෙහිදී පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"විශාල ලෙස ආසාදිතයින් හඳුනා ගැනීම දෛනිකව පන්දහසේ සීමාව ආසන්නයේ තියෙන්නෙ. ඒ අයට ප්‍රතිකාර කරන්න බිමේ ඉන්න නිවාරණ හා රෝහලේ ඉන්න ප්‍රතිකාරක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දරා ගැනීමට අපහසු මට්ටමක තියෙන්නෙ. සම්පත් පවා සීමිතයි. එය සංඛ්‍යාත්මකව අවම කර නොගතහොත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යන්න පුළුවන්. ඊට කදිම විසඳුම තමයි සංචරණය සීමා කොට ජනතාව නිවෙස්වලට සීමා කරන එක. සංචරණ සීමා දීර්ඝ වන දින ප්‍රමාණය මත රෝගීන් අවම වන ප්‍රමාණය තීරණය වන බව මතක තබා ගත යුතුයි."
"මරණ සංඛ්‍යාව ඉහළ යාම නිසාත් ජනතාව මහත් උද්‍යෝගයෙන් එන්නත් කරන මධ්‍යස්ථානවලට පැමිණෙනවා. එහෙත් සියලු ම සෞඛ්‍ය බල ප්‍රදේශවලට සමානව එන්නත් බෙදී යාමක් අපට පේන්න නැහැ. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ සෑම ග්‍රාම නිලධාරී වසමක් ම ආවරණය කිරීමට එන්නත් ප්‍රමාණවත් නැහැ. එමෙන් ම ජනතාවටත් අපි කියනවා ඔබගේ එන්නත ලබා ගන්නට යන එන්නත් මධ්‍යස්ථානය ඔබගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ එන්නත් මධ්‍යස්ථානයක් හෝ ඒ මධ්‍යස්ථානයට නම් කළ ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් විය යුතුමයි කියලා.
ඕනෑ ම මධ්‍යස්ථානයකින් එන්නත් ලබා ගැනීමට යාමේදී ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිය හැකියි. පුත්තලමට ෆයිසර් එන්නත ලැබුණ නිසා බස්නාහිර පළාතෙ අයත් ආවා ඒක විදගන යනවා. දත්ත පදනම් කරගෙනයි පුත්තලමට ෆයිසර් ලබා දී තියෙන්නෙ. එහෙම ඇවිල්ලා කලබලකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. ඔබට එන්නත ලබා ගත හැක්කේ ඔබට නියමිත මධ්‍යස්ථානයෙන් පමණයි. පොලිසියෙනුත් ආදරෙන් ඉල්ලනවා වෙනත් පළාත්වල අය තවත් පළාතකට එන්නත්කරණය කරනවා නම් එය නවතා දෙන්න කියලා. ඒ වගේ ම එන්නත් කාඩ් පත නොමැති නම් හෝ වෙනත් පළාතක ප්‍රදේශයක කෙනෙක් බවට තහවුරු වුවහොත් ඔබව ආපසු හරවා යැවීමට සිදුවන බව ද සිහි තබා ගත යුතුයි. ඒ නිසා අවබොධයෙන් කටයුතු කරමු."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |