නැවතත් රට වැසේ..? මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

COVID19 HEMANTHA HERATH LOCK DOWN DR MALKANTHI GALAHENA VACCNATION
By Sewvandhi Nov 22, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට රට වසා දැමීම හොඳම පියවර ලෙස පෙනී ගියද එය තවත් ආකාරයකට ආර්ථික අගාධයකට රට ඇද දැමීමක් වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා දැනට ලිහිල් කර ඇති සංචරන නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිතා කරන්නැයිද කරන්නේද ඔහු ඉල්ලා සිටියි.

එසේ නැත හොත් නුදුරු දිනකදීම ආර්ථිකය ඇද වැටීම හේතුවෙන් මාසික ආදායම අහිමි වන තැනට පත් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

එමෙන්ම, අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොරෝනා රෝග සත්කාර සේවාවේ වෛද්‍ය කණ්ඩායම ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි.

ඉන් පෙනී යන්නේ වෛරසය මේ වන විට බොහෝ දුරට මෙරට සමාජයේ පැතිරී යාමක් බවද ඇය පැවසුවාය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරන්නේ මේ වන විට ලොව පුරා කොරෝනා 4 වන රැල්ලක් බිහි වී ඇති බවත් ඇතැම් රටවල් වසා දැමීමට පවා කටයුතු කර ඇති බවත්ය.

මෙරට ද ජනතාව හැසිරීම් රටාව නිසි ලෙස පවත්වා නොගතහොත් මෙරටටද එම තත්ත්වය උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW