ඉදිරි සතිය තීරණාත්මක වෙන්නේ ඇයි? වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
Srilanka
GMOA
Medical
By Sithumi
අද දින ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා එහිදී වෛද්‍යවරයකු සඳහන් කළේ මේ වන විට පවතින තත්වය තිබූ තත්ත්වයට වඩා සාපේක්ෂ වශයෙන් ඉතාමත් වෙනස් වී ඇති බවත් යහපත් අතට හැරෙමින් පවතින බවත්ය.
එසේවුවද පාසල් ආරම්භය සම්බන්ධයෙන් ඔහු වෙනස් අදහසක් පළ කරනු ලැබුවා. ගුරුවරුන්ගේ වර්ජනය අතරතුර ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ වන බවත් ඉල්ලීම උදෙසා ක්‍රියා කිරීම අවශ්‍ය නමුත් දරුවන් මේ මොහොතේ ඉතාමත් අවදානම් සහගත කාල කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මොහොතක රජය මේ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඊට අමතරව තවත් විශේෂ කාරණා කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළ අතර එම වීඩියෝව පහතින් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |