දෙවෙනි වරටත් කොවිඩ් ආසාදනය වියහැක්කේ කාටද ? භයානක හෙළිදරව්වක්..!
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතරින් සියයට 1ක පමණ ප්‍රමාණයකට නැවත වෛරසය ආසාදනයවීමේ අවදානමක් ඇති බව ජර්නල් වොච් වෛද්‍ය සඟරාව අනාවරණ කරයි. කෙසේවෙතත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ටත් මෙලෙස වෛරසය නැවත ආසාදනයවීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණාත්මකව පැහැදිලි කරගත යුතු බවද අදාළ පර්යේෂණයේ සඳහන්ය.
මේ අතර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතරින් සියයට 1 ක පමණ ප්‍රමාණයකට නැවත වෛරසය ආසාදනයවීමේ අවදානමක් ඇති බව ජර්නල් වොච් වෛද්‍ය සඟරාව උපුටා දක්වමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද පෙන්වාදී තිබේ.
එහිදී, කැලිෆෝනියාවේ ආසාදිතයින්ගේ දත්ත යොදාගනිමින් සිදුකරන ලද මෙම පර්යේෂණයට අනුව වැඩිහිටියන්, කාන්තාවන්,ප්‍රතිශක්තිකරණයේ ගැටලු සහිත පුද්ගලයින් හා කොවිඩ් වෛරසය ආසාදනයෙන් රෝහල්ගතවවීමට සිදුවූ පුද්ගලයින්ට නැවත වෛරසය ආසාදනයවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කර තිබේ.
මේ අතර එංගලන්ත පර්යේෂකයින් පිරිසක් සිදුකළ තවමත් සමාලෝචනය නොකළ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා දෙකම ලැබූ පුද්ගලයෙකුට පසුකාලීනව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවද සමීප ආශ්‍රිතයින් වෙත ඩෙල්ටා වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව කිසිදු එන්නතක් ලබානොගත් පුද්ගලයෙකුට වඩා ඉතා අඩු බවය.
නමුත් එම වාසි සහගත තත්ත්වය දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් මාස 03කට පමණ පසු සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව එම පර්යේෂණයෙන් අනාවරණ කරයි. කෙසේවෙතත් මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ ඇස්ට්‍රාසෙනෙකා හා ෆයිසර් මාත්‍රා ලබාගත් පුද්ගලයින්ගේ දත්ත පමණක් වීම විශේෂත්වයකි.
මේ අතර මෙරට වැඩිහිටියන්ට හා ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සඳහා බූස්ටර් මාත්‍රාවක් හෙවත් තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය සම්පූර්ණ ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |