අවදානම් කළාප වල පවුල් සම්බන්ධයෙන් අගමැති ගත් තීරණය

By Sithumi Nov 16, 2021 01:42 PM GMT
Sithumi

Sithumi

Report

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. 

 අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය. විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු විමසා තිබේ. 

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙක් දැනටමත් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී අනාවරණය විය. හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැළසීම සඳහා රජය දිස්ත්‍රික් 21 ක් සඳහා මේ වනවිටත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී තිබේ

. දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණක් බව මෙහිදී අනාවරණය වී ඇත. අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැළසුම් කරන ලෙසද අග්‍රාමාත්‍යතුමා දැනුම් දී තිබේ. 

 නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහි දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබේ. ඊට විසඳුමක් ලෙස අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha