ඉදිරි සතිය අවදානම් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Corona virus Covid 19
By Sithumi Oct 18, 2021 03:47 PM GMT
Sithumi

Sithumi

Report

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. සංචරණ සීමා නොතකමින් ඉකුත් සති අන්තයේදී බොහෝ පිරිස් විවිධ ප්‍රදේශයන්හි සංචාරවල නිරත වී සිටිනු දක්නට ලැබුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ

පවතින තත්ත්වය හමුවේ මෙරට ජනතාව එළඹෙන දෙසැම්බර් මාසය වනතෙක් හෝ දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් අඩුවීම සෑහීමකට පත්විය හැකි මට්ටමකට පැමිණ නොමැති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ජනතාවගේ වගකිම් විරහිත හැසිරීම් රටාව හමුවේ පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දැමිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පොලීසිය ද ජනතාවගෙන් ඉල්ලිමක් කළේ සති අන්තයේ සහ නිවාඩු දිනවලදී කණ්ඩායම් වශයෙන් එක් රැස් නොවී මෙම වසංගත තත්වය පාලනය කිරීමට උපරිම සහාය දක්වන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now