පරිස්සමෙන්! පරගණක භාවිතා කරන අය මේ ගැන හිතන්න
නව තාක්ෂණයත් එක්ක වැඩ කරන අපි හැමෝටම නැතුවම බැරි දෙයක් තමයි පරිගණකය කියන්නේ .අපි හැමෝටම වැඩ කරන්න අත්‍යවශ්‍ය උපකරණයක් බවට පරිගණකය පත් වෙලා ඉවරයි.ඒ වගේම අපි දවසින් වැඩි කාලයක් ගත කරන්නෙත් පරිගණකය ඉදිරියේ. අනිත් දේ තමයි පරිගණකයෙන් අපිට වාසි වගේම අවාසිත් සිද්ධ වෙනවා .ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕනේ පරිගණකයෙන් අපිට මොන වගේ හානියක් වෙනවද කියලා.අද Be Happy තුළින් කියන්න හදන්නේ පරිගණකය නිසා ඔයාගේ සෞඛ්‍යට සිදුවෙන හානි කීපයක් පිළිබදවයි .
01.Lumbar Degenerative Disc Disease
පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම නිසා කොඳු ඇට පෙළෙහි පහළ කොටසෙහි ඇතිවන වේදනාව
02.Computer vision Syndrome
ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහිදී ඇති ඇති වනවා .
03.Intersection Syndrome
මහපට ඇඟිල්ල සහ මැණික් කටුව නිතරම චලනය වෙන නිසා කන්ඩරා වල ඇතිවන සීරීම් නිසා දැනෙන වේදනාව මෙහි රෝග ලක්ෂණයයි.
04.Carpal tunnel syndrome
නිතර මවුසය ස්පර්ශ කිරීම නිසා මැණික් කටුවේ අස්ථි මෙම රෝගයට ගොදුරු වෙනවා. ඒ නිසා අත හිරිවැටීම පාලනය කරගන්නට නොහැකි වනවා.
05.Tennis Elbow
අත, උරහිස, සම්බන්ධ වන කන්ඩරා නිතරම එහා මෙහා චලනය වීම නිසා සුළු අංශභාග රෝග තත්වයක් ඇතිවීම මෙහිදී සිදු වෙනවා.
06.Stenosing Tenosynovitis
මවුසය නිතර ස්පර්ශ කිරීම හේතු කොටගෙන ඇඟිලිවල චලනය සම්බන්දිත කන්ඩරා සිරීම නිසා එතුළ දැවිල්ලක් සහ වේදනාවක් හට ගන්නවා.
07.Thoracic outlets syndrome
මේ රෝගයේ ලක්ෂණ වෙන්නේ බෙල්ලේ සිට දෙඅත් කරා ගමන් කරන රුධිර නාල සහ ස්නායු සංකෝචනය වීම නිසා අත්වල බෙල්ලේ සහ පපුවේ ඇතිවන වේදනාව.
08.Cervical degenerative disc disease
පරිගණක තිරය දෙස බලා සිටිමේදී වැරදි ඉරියව්වකින් සිටීම නිසා කොඳු ඇට පෙළේ ඉහළ කොටසට හා බෙල්ලේ මාංශ පේශිවලට හානි වෙනවා.එහිදී එම ඉන්ද්‍රියයන් වේදනාවට පත්වීම මෙහි ලක්ෂණයයි.
දවසින් වැඩි වේලාවක් පරිගණකය ඉදිරියේ සිටින ඔබටත් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇති වෙන්න පුළුවන් .හැබයි ලෙඩ හැදෙනවා කියලා අපිට වැඩ නොකර ඉන්නත් බැහැනේ .ඉතින් මේ ලෙඩ වලින් බේරිලා ඉන්න කරන්න තියෙන හොදම දේ තමයි නිවැරදි ඉරියව් පවත්වාගෙන පරිගණකය භාවිතා කිරීම
.ඒ වගේම දිනපතා ව්‍යායාම වල නිරත වෙන්නත් අමතක කරන්න එපා .මේ දේවල් පරිගණකය ඉදිරියේ නිතරම ඉන්න අයට වගේම අනිත් අයටත් වැදගත් වෙයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |