ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන බිලියන 2 ක් පරිශීලකයින් සඳහා ගූගල් අනතුරු ඇඟවීමක් (VIDEO)

Srilanka Covid 19
By Sithumi Sep 26, 2021 04:35 PM GMT
Sithumi

Sithumi

Report

අන්තර්ජාලයට පිවිසීම සඳහා ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන්නන් ප්‍රවේශම් වන ලෙස ගූගල් සමාගම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

ගූගල් බ්‍රව්සරයට ප්‍රහාර වැඩි වන බවට මීට දින කිහිපයකට පෙර සිට අනතුරු ඇඟවීම් කර තිබූ අතර සිකුරාදා ගූගල් නව බ්ලොග් සටහනකින් මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කරමින් තීරණාත්මක හැක් කිරීමක් තහවුරු කර තිබේ.

ලිනක්ස්, මැක් සහ වින්ඩෝස් ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරන්නන් සියල්ලන්ට මෙම ගැටලුව බලපායි. බ්‍රවුසරයේ මතක ගබඩාව තුළින් තොරතුරු සොරාගැනීම මෙම හැක් කිරීමේදී සිදුවිය හැකි බවත් යමෙකු වෙබ් අඩවියක් නරඹා අවසන් වූ පසුත් ඉතිරි කරන කොටස් ‘සූරාකෑමක්‘ ලෙස මෙය හැඳින්විය හැකි බවත් අදාළ සටහනින් දන්වා ඇත. 

මේ සඳහා කළ හැකි හොඳම ආරක්ෂිත ක්‍රමය බ්‍රවුසරය යාවත් කාල කරගැනීම බව ගූගල් දන්වා සිටින අතර ඔබේ ක්‍රෝම් අනුවාදය 94.0.4606.61 හෝ ඊට වැඩි නම් ඔබ ආරක්ෂිතයි යනුවෙන් සටහන් කර ඇත. ක්‍රෝම් බ්‍රවුසරය හඳුන්වාදී 11 වන වසර සැමරීමේ ‘ශුන්‍ය දිනය’ මෙලෙස සොරකමකට යොදා ගෙන ඇති බවත් (සීවීඊ -2021-37973) ලෙස එම අඩුපාඩුව ගූගල් සකස් කරන්නට පෙර හැකර්වරුන් අතට පත්ව ඇති බවත් පවසා ඇත. 

පරිශීලකයින් ආරක්ෂා කිරීමට සහ වැඩි දියුණු කිරීමට කාලය ලබා දීමට උත්සාහ කරමින් ගූගල් මෙම දෝෂය වැඩිපුර විස්තර නොකරන බවද අනතුරු ඇඟවීම් නිවේදනයේ දන්වා ඇත. 

අනතුරු ඇඟවුම සම්බන්ධ ගූගල් නිවේදනය මෙතැනින් 

https://chromereleases.googleblog.com/2021/09/stable-channel-update-for-desktop_24.html

ක්‍රොම් බ්‍රවුසරය අප්ඩේට් කරන හැටි වීඩියෝව පහතින්