යළිත් අලුත් අවදානමක්..සුපිරි කොවිඩ් ප්‍රභේදයක් ගැන දැඩි අනතුරු ඇඟවීම්..

WHO Covid19 Delta omicron
By Sithumi Dec 18, 2021 09:49 AM GMT
Sithumi

Sithumi

Report

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් එම අනතුරු අඟවීම නිකුත් කර ඇත. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඇතැම් රටවලින් කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි.

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය අනෙකුත් ප්‍රභේදයන්ට එරෙහිව සලසන ආරක්ෂාවට වඩා අඩු වුවද සාපේක්ෂව සැලකීමේදී යහපත් තත්ත්වයක් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now