ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල අයටත් Covid - සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්

By Sewvandhi Dec 18, 2021 03:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නමුත් ඔවුන් බූස්ටර් එන්නතද ලබාගත් අය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රොන් ආසාදනයවී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම,කොවිඩ් 19 ඔමික්‍රොන් ප‍්‍රභේදය මෙරටට ඇතුළු වීම වැළැක්විය නොහැකි බව, සෞඛ්‍ය අංශ පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දැනට මෙරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සමීප ආශ‍්‍රිතයින්ට එම ප‍්‍රභේදයම වැළඳී ඇත්නම් තීරණය කිරීමට සිදුවන්නේ මෙරට තුළ ඔමික්‍රෝන් වෛරසය පැතිරී අවසන් බවයි.

මේ වනවිටත් එම ආශ‍්‍රිතයින් හඳුනාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. ලොව පුරා සීඝ‍්‍ර ව්‍යාප්තියක් සහිත කොවිඩ් 19 ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත කාන්තාවක් පළමුවරට පසුගිය දා මෙරටින් හඳුනාගත්තා.

ඒ අදාළ කාන්තාව ආජන්ටිනාවට ගොස් නැවත පැමිණීමේදී ජාන විශ්ලේෂණ පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. අනතුරුව දීර්ඝ වශයෙන් ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිත පුද්ගලයින් මෙරට තුළ සිටීද යන්න පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, ඒ අනුව, තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් එක් අයෙකු පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ සමීපතමයෙක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ත

වත් පුද්ගලයෙකු ඉන්දියානු ජාතිකයෙකු වන අතර, ඔහු මේ වනවිටත් මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය මෙරට තුළට පැමිණීම වැළැක්වීම ප‍්‍රායෝගික නොවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now