මුදල් නෝට්ටු වල ඇති දිය සලකුණ හා කලු දාරය පිළිබඳ ඔබ සැලකිලිමත් ද..? දැඩි අනතුරු ඇගවීමක්

mulathiw fake money ajith rihana pudhukudu irippu five hundred
By Sewvandhi Aug 05, 2021 02:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රුපියල් පන්සියයේ ව්‍යාජ නෝට්ටු 17ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී 7.30ට පමණ පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත. 41 හැවිරිදි එම සැකකාරියව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කාන්තාව සතුව ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රුපියල් පන්සියය දහස සහ පන්දහසේ ව්‍යාජ නෝට්ටු සමාජයේ දක්නට ලැබෙන නිසා මුදල් නෝට්ටුවල ඇති දිය සළකුණ හෝ කළු පැහැති දාරය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha