කොවිඩ් මරණ පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක්(VIDEO)

vaccination Covid19 quarantine Dealth hemath herath
By Sewvandhi Aug 07, 2021 08:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට දිනකට සිදුවන කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 200 – 300 දක්වා ඉහළ යාම වළක්වා ගැනීමට තවමත් ප්‍රමාද නොමැති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජාවෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. 

යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු ලෙස ද කටයුතු කරන මහචාර්යය සුනෙත් අගම්පොඩි මහතා BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති දෙකකට පමණ පසු මෙරට දී දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවය. මහාචාර්යයවරයා පෙන්වාදෙන්නේ මරණ සංඛ්‍යාව අඩුකිරීමට නම් සියලු රෝගීන් රෝහල්වලට ඇතුළත් කර ගැනීම නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීම, රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබාදීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදුකළ යුතු බවය.

මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා සති දෙකක කාලයකට හෝ සියයට සීයයක ඇඳිරි නීතියක් පැනවිය යුතු බවද මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා ප්‍රකාශ කර තිබේ. 

කිසියම් අවස්ථාවක ආර්ථිකයද, ජීවිතයද යන්න තෝරාගැනීමට බලකෙරෙණු ඇති බව BBC සිංහල සේවය සමඟ පැවැති සාකච්ඡාවේ දි ඔහු පෙන්වාදී ඇත. මහාචාර්යය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කර ඇත්තේ එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩුකළ හැකි වුවද එමඟින් වසංගතය පාලනය කළ හැකි බව සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බවය.

_________________??????________________

You May like this video?

මෙරට වෛද්‍ය වරයෙකු කළ භයානක අනතුරු ඇගවීම


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now