පැයකට රෝගීන් 4ක් වාර්තා වී 2ක් මිය යනවා..අවධානයෙන් සිටිනැයි මෙරට කාන්තාවන්ට දැඩි අනතුරු ඇඟවීමක් (VIDEO)

symptoms Breast cancer janaki vidhanapathirana Ranjith Batuvanthudhava
By Sewvandhi Oct 02, 2021 05:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පියයුරු පිළිකා සම්බන්ධයෙන් කාන්තාවන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේදී කාන්තාවන් පියයුරු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය එම අදහස් පළ කළාය.

"ලංකාවේ පිළිකා රෝගීන් 31,800ක් පමණ 2019 වර්ෂයේ වාර්තාවෙලා තියෙනවා. ඒ වගේම පැයකට 4දෙනෙක් අලුතින් ලංකාවට එකතුවෙනවා. ඒ වගේම පැයකට පිළිකා රෝගීන් දෙදෙනෙක් මියයනවා. කාන්තාවක් සිය ගුණයකින් වැඩි අවධානමක් තියෙනවා පියයුරු පිළිකාවට නතු වෙන්න. විශේෂයෙන්ම පියයුරු පිළිකා වැළදෙන අවධානම් සාධක තියෙනවා. මධ්‍යසාර, දුම්කොළ, දුම්පානය ඒ වගේම ස්ථූලබව හා ශරීර ස්කන්ධ දර්ශකය වැඩි වීම සහ සෞඛ්‍යමත් නොවූ ආහාර රටාවකට පුරුදු වීම. මේවා වැළැක්විය හැකි අවධානම් සාධක. ඒ වගේම ජානමය සම්බන්ධතාවයකින් මේක ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ට දියයුතු උපදෙසක් තියෙනවා ලංකාවේ අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් ම ඔසප් චක්‍රයෙන් සතියකට පසු තමන්ගේ පියයුරු පරීක්ෂාවකට ලක්කළ ය"

මේ අතර ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 4,500කට වඩා හඳුනා ගන්නා බවය. එම තත්ත්වය පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් නිකුත් කළ දැනුවත් කිරීමේ පත්‍රය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now