පරිස්සම් වන්න.. ප්‍රදේශ 16කට අනතුරු ඇඟවීම් ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර හෙට (29) දිනයේ උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 2.00 සිට හෙට (29) පෙරවරු 6.00 වන තෙක් වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර ඇත.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාගිර, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |