සංවිධානාත්මක අපරාධකරුවකුගේ කෝටි හතරක දේපළ තහනම් තහනම් කරයි

Report

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 04 කට ආසන්න දේපළ තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කර තිබේ.

පොලිසිය සදහන් කරන්නේ පානදුර රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක් කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක් , ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද වන බවයි.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නමැත්තා අධිකරණයට ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් ඇත