වනිඳු ගැන සුබ පණිවිඩයක්... (VIDEO)

Report

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම ශ්‍රී ලංකාවට අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව පවසනවා.

එල්.පී.එල් තරඟාවලියෙන් පසු පුහුණු වීම් හේතුවෙන් ආබාධයට ලක් වූ බවද වනිඳු සඳහන් කරනවා.

වනිඳු ගැන සුබ පණිවිඩයක්... (VIDEO) | Wanindu Will Return To The Field In January

ඔහු පවසන්නේ ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත්ය.

එසේම ඔහු සඳහන් කළේ එළඹෙන සතියේ සිට කුඩා මට්ටමින් නැවතත් පුහුණුවීම් ආරම්භ කරන බවයි.

එළඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරඟාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා.