වනිදු හසරංගට හදිසියේ දඩ මුදලක්..

By Sithumi Dec 01, 2022 05:07 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබෙන අතර ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. 

 ඊයේ (30) ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර තිබේ. නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා වනිඳු තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතුවී තිබෙනවා.