දියේ ගිලී මියගිය පුද්ගලයාට කොවිඩ් - දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා(PHOTOS)
By Sithumi
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා පස්වරුවේ දී දියේ ගිලී මියගොස් තිබෙනවා. එසේ මියගිය පුද්ගලයාගේ මල සිරුර ඊයේ (08) දින සොයා ගැනීමට ඇල්ලවල ගම්මානයේ තරුණයන් පිරිසක් සමත් වුණා.
පසුව මල සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට මල සිරුර වැල්ලවායමූලික රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණය කදී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම මල සිරුර සොයාගන්නා අවස්ථාවේ දී එම සිදු වීම දැකබලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා දරුවන් ද රැගෙන කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර එම ස්ථානයට පැමින සිටින ආකාරය දක්නට ලැබුනා. මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


