තව දින කිහිපයයි - පිරිසකට සුබ වෙන්නයි යන්නේ.. ඒ කොහොමද දන්නවා ද?.

Report

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

තව දින කිහිපයයි - පිරිසකට සුබ වෙන්නයි යන්නේ.. ඒ කොහොමද දන්නවා ද?. | Wages Of Plantation Workers

ඒ වතු කම්කරුවන්ට සහන ලබාදුන් වැටුප් ප්‍රශ්නයේ දී අධිකරණයේ තීන්දුවට හිස නමන බවත්, තව දින කීපයක් තුළ වතු කම්කරුවන්ට සුබ ආරංචියක් ලබා දීමට කටයුතු කරන බවත් ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ දීප ව්‍යාප්ත මට්ටමින් මාධ්‍ය සංසද පිහිටුවීමේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ය.

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..


කෙසේ වෙතත්, පසුගිය 05 වැනිදා හක්මන කෝංගල උත්සව ශාලාවේ දී පැවැති වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පැවසුවේ මෙවැන්නකී,

‘‘කෙතරම් ඉල්ලීම් තිබුණ ද කරන්න බැරි බව කියූ වතු කම්කරුවන්ගේ වැටුප අපි වැඩි කළා. එය දරාගන්න බැරි වූ කණ්ඩායමක් ඊට එරෙහිව අධිකරණයට ගියා.

අධිකරණ තීන්දුවට ගරු කරමින් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය වෙනුවෙන් අපි ඉදිරියටත් පෙනී සිටිනවා.

නීති කෙතරම් ක්‍රියාත්මක වුවත් රහසිගත ක්‍රම මගින් මෙරට මිනිස් වෙළෙඳාම තවදුරටත් සිදුවෙනවා. මිනිස් වෙළෙඳාමට සම්බන්ධ අයට දඬුවම් දෙන්න අපි කිසිවිටකත් පසුබට වන්නේ නැහැ.

විවිධාකාරයෙන් රැල්ලට පාවෙලා එන දේවල්වලට රැවටී ජීවිත නැති කරගන්න එපා. රට යන්න අවශ්‍ය නම් හරි පාරෙන් රට යන්න. ඒ සඳහා රජය උදව් කරන්නට සියලු දේ සකස්කර තිබෙනවා.

දැනුවත් නොවීම හැමදේකටම ප්‍රශ්නයක්. විදේශ රැකියා සඳහා යාම පිළිබඳවත් හොඳින් දැනුවත් වී ජීවිත ගොඩනගා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.’’