රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න.. | Salaries In Public Service

ඒ ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර තිබෙන බවයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින් ය.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.


එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,

"රජයේ සේවයේ සිටිය යුත්තේ ලක්ෂ 10යි. නමුත් මේ වන විට ලක්ෂ 15ක් සිටිනවා. ඇතැම් අය කිව්වා ලක්ෂ 05ක් වැටුප් රහිත නිවාඩු යවන්න කියලා. පස්සේ එම ගෙවීම් කරන්න කිව්වා. ලක්ෂ 10කට වැටුප් ලබා දෙන්න වැට් බද්ද 18%ක් දක්වා වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා.

එහිදී මම කිව්වා කිසිවෙකු නිවාඩු යවන්න බැහැ කියලා. ජනතාවගෙන් බැනුම් අහලා වැට් බදු වැඩි කරලා රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දුන්නට පස්සේ මේ වසරේ නැවත ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.

එලෙස වැටුප් වැඩිවීමක් ලබාදුන්නොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ මාසයේ මැද සිට මැතිවරණවලට සූදානම් විය යුතුව තිබෙනවා. නමුත් ලබන වසරේ මෙම වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට අප මේ වන විට කමිටුවක් පත් කර තිබෙන අතර 2025 අය වැයේ දී එම අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා."