රජයේ ආයතන ඇතුලු‍ අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් වැඩි වීමක්?.

Report

රජයේ ආයතන ඇතුලු‍ අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් සංශෝධනය විය යුතු බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

රජයේ ආයතන ඇතුලු‍ අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් වැඩි වීමක්?. | Wages In Government Institutions Other Sectors

ඒ බව මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දුන්නේ ය.

එමෙන්ම, අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මහ බැංකුවෙන් මෙන්ම රට ද හැර යා හැකිව තිබූ බව ඔවුන් අවධාරණය කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම සංගමය සඳහන් කළේ පසුගිය වසර තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට ආසන්න පිරිසක් අහිමි වී ඇති බවයි.