මෙරට ප්‍රබලයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි…?

By Sewvandhi Sep 10, 2021 10:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එලඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර කබ්රාල් මහතා තමන් දරණ අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha