මගේ ජීවිතේ මෙතෙක් මට දඬුවම් ලැබුනෙම මම නොකරපු වැරදිවලට- ජනප්‍රිය නිළි වොල්ගා කියූ දුක හිතෙන කතාව (PHOTOS)
අපේ රටේ කවුරුත් දන්නා කියන සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන පාර දිගේ ටෙලිනාට්‍යයේ ටුටූ ගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයින් අතරට එනවා.
ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් ආයෙත් ඇයගේ පුංචි කාලෙට යන්න ඇය හරි ආසයිලු. ඒ අතරින් ඇය වැඩිපුරම කැමති කදාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙන ගත්තු කාලයටලු.
දහය වසර සහ එකොළහ වසර කාලය තුළදී ඇය ගත කරපු කාලයට ඇය ගොඩක් ආසයිලු. ඒ කාලේ හිතේ ප්‍රශ්න නැහැ වගේම වගකීම් තිබුනෙත් නැහැලු. හරිම සැහැල්ලුවෙන් යාළුවෝ එක්ක හිනාවෙලා ගත කරපු සුන්දර කාලයක් කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය මේ කලාවට ගොඩක් කැමතියිලු.
කලාවට ගොඩක් ආදරෙයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ ජීවිතේ මෙතෙක් ඇයට දඬුවම් ලැබිලා තියෙන්නෙත් ඇය නොකරපු වැරදිවලට කියලත් ඇය පවසනවා. ඒ නිසා ඒක දැන් ඇයට හුරුයිලු. දැන් ඇය එහෙම නොකරපු වැරදිවලට ලැබෙන දඬුවම් ගැන ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙමෙයිලු.
කවුරු මොනවා කිව්වත් ඇයගේ හිත දන්නවානම් ඇය වරදක් කළේ නැහැ කියලා ඇය කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවාලු. කවුරු මොනවා කිව්වත් ඒවා ඇයගේ ජීවිතේට අදාළ කර ගන්නෙ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය කවදාවත් දේශපාලනය නම් කරන්නෙ නැහැලු. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක් කියලයි ඇය කියන්නේ.
ඒ නිසා පවතින තත්ත්වයත් එක්ක ඒ රාමුවේ ඉඳගෙන දේශපාලනය කරන්න ඇය දක්ෂ නැහැලු. ඒ නිසා නොදන්නා දේවල් වගේම කැමති නැති ක්ෂේත්රවලට යොමු නොවී දන්නා දේ කරගෙන ඉන්න එක ඇඟට ගුණයි කියලා තමයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම මුදල් කියන දේ අද මම ළඟ තිබිලා හෙට තව කෙනෙක් ළඟ තියෙන්න පුළුවන් කියලත් ඇය කියනවා. මුදල් හරිම අවිනිශ්චිත දෙයක්ලු.
තව කෙනෙක් විනාශ කරගෙන මිනිස්සු මෙහෙම මුදල් හම්බ කරන්නෙ ඇයි කියලත් ඇය ගොඩක් වෙලාවට හිතනවාලු. ඇයට නම් ජීවත් වෙන්න සල්ලි තිබුණාම ඇතිලු. ඉතින් ඒ වගේම ඇය ඇත්තටම වෙනත් භාෂාවක් ඉගෙන ගන්න හරිම කැමතියිලු. කාලයක් ඇය ඒකට පොඩි උත්සාහයකුත් ගත්තාලු. හැබැයි කාර්යබහුලකමත් එක්ක ඇයට ඒක මඟහැරුණාලු.
ඒ නිසා ආයෙත් ඇයට යම් විෂයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් ඇය වෙනත් භාෂාවක් හෝ භාෂා කිහිපයක්ම ඉගෙන ගන්නවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ දෙමව්පියන්වයි කලාවයි දාලා ඇය කවදාවත් විදෙස් රටකට යන එකක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |