ජනප්‍රිය නිළි නිලි වොල්ගා කල්පනී ආදරණීයයන් සමග ජයටම උපන්දිනය සැමරු හැටි...(VIDEO)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ.
ඉතින් මේ දිනවල මානික්කාවත ටෙලිනාට්‍ය හරහා මෙන්ම පාර දිගේ ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය බොහෝ හැල හැප්පීම් බාදක හමුවේ කට පුරා සිනහවෙලා ඉන්න, රිදුනු තැන් සෙමෙන් අමතක කර ඇයගේ ගමන නොනැවතී අධිෂ්ඨානයෙන් යන අපූරු තරුණියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම ඇය කැමරාවක් ඉදිරියේ මුලින්ම පෙනී සිටියේ කුඩා කාලයේ රූපවාහිනී නාලිකාවේ විකාශනය වුනු අතුරු මිතුරු වැඩ සටහනේ නිවේදිකාවක් විදිහටයි. ඉතින් ඊට පස්සේ සිරස නාලිකාවේ රන්කොත් යාය වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත්, රූපවාහිනී නාලිකාවේ දේදුනු හැන්දෑවේ සහ දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් වන් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා.
ඒත් එක්කම ඇය ස්වර්ණවාහිනී නාලිකාවේත්, හිරු නාලිකාවේත් නිවේදිකාවක් විදිහට ඇය විටින් විට කටයුතු කරලා තියනවා. ඉතින් ඒ වගේම හද විල අරණ, හුස්ම වැටෙන මල්, පැණි කුරුල්ලෝ, සුළඟ මහා මෙරක වැනි ටෙලිනාට්‍ය රැසක් හරහාත් අපිට ඇයගේ රංගන හැකියාවන් පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දැක ගන්න ලැබුණා. කොහොම නමුත් ඇය දැන් දිස්කසාද වෙලා දැන් අවුරුදු 04ක් වෙනවා.
ඉතින් ජීවිතයේදී එක් තැනකදි ඇය වෙනුවෙන් කෙනෙක් සිටිය යුතුයි කියලා හිතෙනවා කියලා ඇය පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුණා. ඉතින් ඒ වගේම ඇය නීත්‍යනුකූල විවාහය විශ්වාස කරන්නේ නැහැ කියලා ඇය බොහෝ අවස්ථාවන් වලදී පවසනවා. ඒ වගේම බොහෝවිට නීත්‍යනුකූල විවාහයකට ඇය නැවත යන එකකුත් නැහැ කියලත් ඇය කියනවා. හැබැයි තව අවුරුදු කිහිපයකින් එය වෙනස් වෙයිද නම් දන්නේ නැහැ කියලත් ඇය පහුගිය දවසක පවසලා තිබුණා. ඉතින් ඒ වගේම මේ රටක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියගේ 32වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයගේ යහළු යෙහෙලියන් වගේම පවුලේ අයත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාවට එකතු වෙලා තිබුණු කඩවසම් තරුණයෙක් ඇයගේ අලුත් පෙම්වතා කියලා හිතලා ඇයට බොහෝ දෙනෙක් සුබපැතුම් එකතු කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ කඩවසම් තරුණයා
ඇයගේ පෙම්වතාද කියලානම් අපි හරියටම දන්නේ නැහැ. ඉතින් මේ විදිහට පහුගිය දවසක උපන්දිනය සමරපු වොල්ගා කල්පනීට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ඉදිදීර් වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.