දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

Report

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අද (24) ද සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එය දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් සිදුවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ, අද උදෑසන 5:15ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර ඇති බවයි.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

මරදාන සිට ගාල්ල බලා දහවල් 12:10ට ධාවනය වීමට නියමිත දුම්රිය ද අවලංගු කර ඇත. ගාල්ලෙන් අද උදෑසන 5:00ට කොළඹ බලා ධාවනය වන දුම්රිය පැය එක හමාරක් ප්‍රමාද වනු ඇත.

ගාල්ලෙන් උදෑසන 4:10ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය පැය 4කින් සහ විනාඩි 40කින් ප්‍රමාදවී ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

තැපැලේ වර්ජනයෙන් රටට මිලියන 100කට වැඩි පාඩුවක්

තැපැලේ වර්ජනයෙන් රටට මිලියන 100කට වැඩි පාඩුවක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්