ඇතැම් ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය ඇමති පිළිගනී

Hospitals in Sri Lanka Latest Headlines Medicines Nalinda Jayatissa Sinhala news
By Shehan Aug 24, 2025 05:39 AM GMT
Shehan

Shehan

Report

පසුගිය රජය විසින් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුකූලව නොකටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන්, වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල්වලට වෙන් කර ඇති බවයි.

“ගිය වසරේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයුමේ ගැටලුව. ගිය වසරේ ටෙන්ඩර් නිසි ලෙස කර තිබුණා නම්, ඖෂධ නිසි ලෙස ලැබෙනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. තාවකාලික ඖෂධ හිඟයට විසඳුමක් ලෙස, එකක් රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා වෙන් කරලා තිබෙනවා.

දෙවැනි වශයෙන්, සමහර රටවල් සමඟ සාකච්ඡා කරලා පරිත්‍යාග ලෙස ඖෂධ ලබා ගන්නවා. ඒ සඳහා ඇතැම් රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ තැනටත් ඇවිත් තිබෙනවා. මේ ඔස්සේ මෙම ගැටලුවට මුහුණ දීමට හැකියාව තිබෙනවා”