'විශ්ව බුද්ධ' ට නැවතත් ලැබුණ අධිකරණ නියෝගය..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jan 29, 2024 12:35 PM GMT
krishani

krishani

Report

පසුගිය 16 වෙනි දා රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවක් සිදු කළේ ය.


එහිදී බෞද්ධ ධර්මයට අපහාස සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 2 වනදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේ ය.

ඒ සැකකරු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


කෙසේ වෙතත්, සැකකරුගේ පැවිදි භාවය අහෝසි කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විසින් නියෝගයක් ද, නිකුත් කර ඇති බව එහිදී පැමිණිල්ල වෙනුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

Sponsored By Sarrita Jewellery



ReeCha