ආගමික උත්සවයක තෙරපීමකින් තිදෙනෙක් මරුට
India
Death
Sinhala news
SriLanka News - Gagana
By Hashini
ඉන්දියාවේ පූරි හී පැවැති "රත් යාත්‍රාව" අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ දේව ප්‍රතිමා රැගත් රථ තුන යාත්‍රාව ආරම්භ වූ ඉන්දියාවේ ජගන්තාත් දේවාලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදියි.
යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී කෙමෙන් කෙමෙන් සෙනග වැඩි වන විට මෙම තෙරපීම ඇති ව ඇති අතර එහිදී මෙම තිදෙනා තෙරපීමට හසුව එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ස්ථානයට පැමිණ ඇති අධික සෙනග පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇතැයිද වාර්තා වන අතර තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවයි.
