සමලිංගික නීතිය - මහ කොමසාරිස්වරයාගේ මතය අධිකරණ ඇමති ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ඩර්ක් මහතා විසින් සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට ප්‍රකාශිත අදහස් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ, සමලිංගික විවාහ අපරාධයක් නොවන බවට යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින බවත්, එය තමන් සාදරයෙන් පිළිගන්නා බවත්ය.
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැහැදිලි කර ඇත්තේ, මහ කොමසාරිස්වරයා සඳහන් කළ යෝජනාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත්ය.