වීසා ගන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්...අද සිට ක්‍රමවේදය වෙනස් වෙයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය අද (06) සිට ක්‍රියාත්මක වන බව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතු බවයි දැනුම්දී ඇත්තේ.
එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිට බවයි දැනුම්දී ඇත්තේ.
ඒ අනුව 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකි වේ.
ඔයාගෙත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මේ වගේ ලීක් වෙන්න පුළුවන්..එහෙම උනොත් කළ යුතු දේ මොක්ද්ද.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත් සඳහා ද නව ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.
පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව සඳහන් වනවා.
ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතු වේ.
වයස අවුරුදු 16ට අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතු වන බවයි එහි දන්වා ඇත්තේ.
මෙම අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ www.immigration.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා ලියාපදිංචිය සිදු කිරීමට හැකියාව ලැබේ.
ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙන බව ද එහි සඳහන්.
අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට (ප්‍රධාන කාර්‍යාලය, මාතර, නුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ.
එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යතු බවයි දන්වා ඇත්තේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බවයි.