ඔයාගෙත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට මේ වගේ ලීක් වෙන්න පුළුවන්..එහෙම උනොත් කළ යුතු දේ මොක්ද්ද.

By Aruna Nov 06, 2024 02:24 AM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර් ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා මුදල් ලබා ගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයෙකු සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නගා ගෙන නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර් ජාලයේ පල කරන බවට පවසා එම පුද්ගලයාගෙන් මුදල් රුපියල් ලක්ෂ 07ක මුදලක් මෙසේ බලෙන් ලබා ගෙන ඇති බවට පසුගියදා (04) එම ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.


ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරු ඊයේ (05) එම ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල, කවුන්සිල් ඇවිනිවු පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.